මැයි 23 නිවාඩුයි
මේ මස 23 වැනි සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙවර වෙසක් පොහොය යෙදී ඇත්තේ මැයි මස 21 වැනි සෙනසුරාදා දිනයට බැවින් ඒ වෙනුවෙන් 23 වැනි සඳුදා දින නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇත.
ජාත්‍යන්තර කම්කරු දිනය ඊයේ (01දා) දිනට යෙදී තිබුණද අද (02දා) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
පසුගිය සිංහල අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ නිවාඩු දිනයක් ලබාදීම නිසා සහ වෙසක් දිනය නිමිත්තෙන් විශේෂ නිවාඩු දිනයක් ලබාදෙන බැවින් අද නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියේය.එසේ වුවද අද දිනය පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ට (අත්‍යවශ්‍ය සේවා හැර) නිවාඩු ලබාදෙන ලෙස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
කම්කරු දිනය සති අන්තයකට යෙදෙන බැවින් මෙලෙස නිවාඩු ලබාදීමට කටයුතු කරන්නැයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

