මැයි 18 උතුරේ පාසල්හි පළාත් කොඩිය අඩකුඹු කරන්න - උතුරු අධාපන ඇමති
- 17 05 2018
- 13:20
- {{hitsCtrl.values.hits}} views
- වවුනියා මධුසංක අමරසිංහ
හෙට (18දා) දිනයේදී උතුරේ සියලු පාසල්හි පළාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා උතුරේ සියලුම පාසල්හි විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.
යුද්ධයෙන් මියගිය ජනතාව සිහිකෙරෙන හෙයින් එදින ශෝක දිනයක් ලෙස සලකා මෙම ඉල්ලීම සිදු කොට තිබේ.
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා නිවේදනයක් කරමින් උතුරේ සියලුම පාසල්හි විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ පසුගිය අවුරුදු 30ක කාලය පැවති යුද්ධය හේතුවෙන් තරුණ තරුණියන් වගේම විශාල ජනතාවක් මියගිය හේතුවෙන් ඔවුන්ට සිදු කෙරෙන ගෞරවයක් හා සිහිකිරීමක් වශයෙන් හෙට (18දා) දින මුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී උදෑසන 11ට පහන් දැල්වීම සිදු කෙරෙන නිසා ඒ වෙනුවෙන් උතුරු පළාතේ පිහිටි පාසල්හි පළාත් ධජය අඩකුඹු කරන ලෙසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



