මෙවර මැයි දින සැමරුම මැයි 07 දා සමරන හෙයින් එදින ජාතික නිවාඩු දිනයක් ලෙස ප්රකාශ කිරීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
වෙසක් සතිය නිමිත්තෙන් මැයි දින සැමරුම මැයි පළමුවැනිදා නොපවත්වා මැයි 07 දා පැවැත්වීමට කැබනට් මණ්ඩලය මිට පෙර තිරණය කළේ මහා සංඝරත්නය කළ ඉල්ලීමක් අනුවය.