දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (15දා) සිදුකිරීමට නියමිත බව දකුණු අප්‍රිකානු රජය පවසයි. දකුණු අප්‍රිකාවේ 'ජාතියේ පියා' යන විරුධාවලිය ලැබූ මැන්ඩෙලාගේ අභාවය හේතුවෙන් එරට දින දහයක විශේෂ ශෝක කාලයක් නම් කර තිබෙන අතර, හෙට දිනයේ (10දා) මැන්ඩෙලා සැමරීමේ ජාතික උත්සවයක් පැවැත් වීමට නියමිතය. ලබන 11 සිට 13 වැනිදා දක්වා මැන්ඩෙලාගේ දේහය දකුණු අප්රිකාජනාධිපති මැදුරේ තැන්පත් කෙරෙන බවද පැවසෙයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අවමඟුලට සහභාගී වීමට නියමිත අතර, ඇමෙරිකානු ජනාධිපති බරුක් ඔබාමා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නායකයන් රැසක් අවමඟුලට සහභාගි වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.