ජල ප්‍රශ්නයක් මැදිහත් කරගනිමින් මැදිරිගිරියේදී සිදු වූ මනුෂ්‍ය ඝාතන ද්විත්වය පිළිබඳව විමර්ශනයක් පවත්වා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලේකම් එම්.එස්.බී. ඒකනායක මහතාට උපදෙස් ලබා දී තිබේ.
මැදිරිගිරියේ වගා කටයුතු සඳහා ජලය සැපයීමේදී කිසියම් ගැටලුවක් පැන නැගී තිබුණාද? එසේ නොමැතිනම් ඊට හේතු වූ කරුණු සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.