මැදිරිගිරිය ප්‍රදේශයේ රජයේ වී ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් නව වී ගබඩාවක් ලබාදීමට කටයුතු කරන බවත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝහල් හා ජල පිරිපහදු මධ්‍යස්ථානයන්ට අවශ්‍යතාවක්ව පවතින ජෙනරේටර් කිහිපයක් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද (16දා) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ පැවැති පොළොන්නරුව දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමේදීය.
පොළොන්නරුවේ සිටින ගවයින්ට වනජීවී කලාපයෙන් බැහැරව ආරක්ෂිතව වාසය කිරීමට සුදුසු ප්‍රදේශයක් වෙන්කිරීම සඳහා මිනින්දෝරු, වන රක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුවල සහාය ලබාදෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, දිස්ත්‍රික්ක කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීම් සඳහා ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ටද සහභාගි විය හැකි පරිදි චක්‍රලේඛය සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.