පාර්ලිමේන්තුවේ පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සභාගර්භය තුළ ඇතිවූ ගැටුමෙන් පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිවූ බවත්, ඒසම්බන්ධයෙන් තමන් බොහෝ වේදනාවට පත්වන බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(17දා) පැවැති මාධ්‍යහමුවකදී අදහස් දක්වමින් කථානායක කරු ජයසූරිය මහතා මේබව පවසා සිටියේය.
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වූපසුගිය 10 වැනිදා මෙලෙස පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් ඇතිවිය.
මේ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් තමන්ට ලැබී ඇති බවත්, ඒ අනුව එය වරප්‍රසාද කමිටුවට යොමුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් කථානායකවරයා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා,
අන්තර්ජාතික පාර්ලිමේන්තුව විසින් ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තුව ලෝකයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් ලෙස පිළිගෙන තිබෙනවා. එදා ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් මම බොහෝ වේදනාවට පත්වෙනවා. එය සිදුනොවිය යුතු දෙයක්. මේසම්බන්ධයෙන් පූර්ණවාර්තාවක් මට ලැබිලා තියෙනවා. මම එය වරප්‍රසාද කමිටුවට යොමුකරලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ ගරුත්වට ආරක්ෂා කරන ලෙස බොහෝ අවස්ථාවලදී මම ආයාචනය කරනවා. මොකද එක අතකින් පාර්ලිමේන්තුව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ලෙසඉදිරියට යවනවිට මෙවැනි සිදුවීම්වලින් අපේ කීර්තියට හානි වෙන්න පුළුවන්. එදා ඒ සිදුවීමෙන් අපේ කීර්තියට හානිවුණා* යැයි පැවසීය.