ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් එයින් සුවය ලබා ඇති අතර ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය හරහා නැවතත් ක්‍රිකට් පිටියට පිවිස තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේදි මැතිව්ස් අබාධයකට ලක්වූ අතර ඒ අනුව ඔස්ට්‍රේලියා තරගාවලිය හා බංග්ලාදේශ තරගාවලිය මැතිස්ව්ට අහිමිවිය.
මැතිව්ස් ආබාධයෙන් මේ වන විට සුවය ලබා ඇති අතර ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ දිල්ලි කණ්ඩායම නියෝජනය කරයි. ඒ අනුව දිල්ලි කණ්ඩායම හා කොල්කටා කණ්ඩායම අතර ෆේරොෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පස්වරු 4.00ට ආරම්භ වූ තරගයට මැතිව්ස් ක්‍රීඩා කරයි. තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින්නේ දිල්ලි කණ්ඩායමයි. කෙසේ වෙතත් මැතිව්සගේ ඉනිම එක් ලකුණකට සිමා විය.