මැතිවරණ ව්‍යාපාරයකදී කාන්තාවන් නිරුවතින් ඇවිද්දවූ ඉතිහාසයක් අප දැක තිබෙන බවත්, අනාගත පරපුර ගොඩනගන ගුරුවරියන් දණගැස්වූ දේශපාලනයක් අත්දකිමින් සිටින බවත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රොහිණී කුමාරි විජේරත්න මහත්මිය පවසයි.
විජේරත්න මහත්මිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දක්වා තිබුණේ දූෂණයට එරෙහිව සටන් කිරීමේ සැබෑ උවමනාව ජයග්‍රහණය කළ හැක්කේ ගමේ පාලනය තුළ බහුතර කාන්තා නියෝජනයකට ඉඩ සැලසීමෙන් බවය. මෙවැනි පසුබිමක කාන්තාව සවිබල ගැන්වීමේ ප්රබලතම හඬ නැංවූයේ එක්සත් ජාතික පක්ෂය බවද ඇය සඳහන් කර ඇත.