අටවැනි පාර්ලිමේන්තු මැතිවරණය රනිල් වික්රමසිංහගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය ජයග්රහණය කළේය.
ඊයේ (17දා) පැවති මහා මැතිවරණයේ ප්රතිඵල අද (18දා) නිකුත් වූ අතර එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු ආසන 106 (දිස්ත්රික් 93+ජාතික13) ක් දිනා ගැනීමට සමත් විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 93 ක් දිනා (දිස්ත්රික් 83 + ජාතික 12) ගත්තේය. මෙම මැතිවරණයේ දී ඉලංගෙයි තමිල් අරසු කච්චි ආසන 16 ක් (දිස්ත්රික් 14 + ජාතික 2) ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 6 ක් (දිස්ත්රික් 4 + ජාතික 2) ද හිමි කර ගත්තේය.
ඊළාම් ජනතා ප්රජතාතන්ත්රවාදී පක්ෂයට එක් ආසනයක් හිමිවිය.එමෙන්ම මඩකලපුව දිස්ත්රික්කය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තනිව තරග කළ මුස්ලිම් කොංග්රසය එක් ආසනයක් දිනාගත්තේය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී පක්ෂයට කිසිදු ආසනයක් හිමිනොවීය.
එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්රික්ක 11 ක් ජයගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්රික්ක 08 ක් ජයගැනීමට සමත්විය. ඉංගෙයි තමිල් අරසුකච්චි දිස්ත්රික්ක 3 ක් ජය ගැනීමට සමත් විය.
මෙහිදී කැපී පෙනෙන සිදුවීම වූයේ කුරුණෑගල දිස්ත්රික්කයෙන් තරග වැදුනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටියදීද කුරුණෑගල දිස්ත්රික්කය සන්ධානය ජය ගත්තේ එක්සත් ජාතික පක්ෂයට වඩා එක් ආසනයකින් පමණක් වීමය. ආසන 08 ක් සන්ධානයට හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂය ආසන 07 ක්ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 01 ක් ද දිනා ගත්තේය. 2010 වසරේදී කුරුණෑගල දිස්ත්රික්කයේ ආසන 10ක් ජයගැනීමට සන්ධානය සමත්විය. එවර එජාපයට හිමිවූයේ ආසන 5ක් පමණි.