වැඩකරන්ට තිබු වසර පහක් අහිමි වු බැවින් දැන් වැඩකිරීමට කාලය එළැඹ ඇති බවත් මාස 60 කින් අලුත් රටක් නිර්මාණය කිරීමට නම් මහන්සි වී වැඩකළ යුතු බවත් අග්රාමාත්ය රනිල් විකුමසිංහ මහතා පැවසීය. මරදාන ටවර් රඟහල අසල පැවැත්වු එක්සත් ජාතික පක්ෂයේ සිය අවසන් මැතිවරණ රැළියට ඊයේ(14) එක්වෙමින් අග්රාමාත්යවරයා එලෙස පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වු අග්රාමාත්යවරයා මෙසේ පැවසීය .
අපි ඔක්කොම එකතුවෙලා මහින්ද රාපකපක්ෂය විශ්රාම ගන්න කිව්වත් එක තේරිලා නැහැ. 17 දා අයේ කියලා දෙමු. මැතිවරණය සාමකාමී වෙන්න ඹන .කාටවත් හිරි හැර කරන්න එපා. මැතිවරණයෙන් පසුව නීතිය කවුරැහරි අතටගන්න හැදුවොත් නීතීය තදින් ක්රියාත්මත කරනවා . පක්ෂ භේදයක් නැතිව නීතිය ක්රියාත්මත නරනවා. මැතිවරණයේ ප්රතිඵල ආපු ගමන් වැඩ ගොඩක් තියෙනවා. මාස 60කින් අලුත් රටක් හදද්දි පලමු අවුරැද්දේ තමයි වැඩ ගොඩක් තියෙන්නේ. මැතිවරණයෙන් පසුව පළමු සතියේම පක්ෂ නායකයින් රුස්කරනවා. අපි දැන් වැඩට බහිමු.වැඩකරන්න තිබුණ අවුරුදු පහක් නැති වුනා. අපි ඒක ඒක අල්ලගන්න ඔන. මැත ඉතිහාසයේ ශ්රීලාචාර මැතිවරණය පවත්වන්න අපිට පුලුවන් උනා. ඒවෙනුවෙන් ජනපතිට මැතිවරණ කොමසාරිස්තුමාට අපි ස්තුති කරන්න අව්යයි.
අපිට විරුද්ධවාදීන් නැහැ. වෙනස් මත තියන අය විතරයි ඉන්නේ. අලුතින් හදන අලුත් රටේ ඔවුන්ටත් තැනත් තියනවා කියන්න. සාමකාමීව කටයුතු කරන්න 17 උදෙන්ම ඡන්දෙ දාන්න යන්න යැයි රන්ල් වික්රමසිංහ මහතා පැවසීය. මෙවර මැතිවරණයේදී හෙතෙම රැළි 147දී අදහස් දැක්වීය