මැතිවරණයෙන් පසුවද ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සමග එකට වැඩකිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කළ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
අනුරාධපුරයේ ඊයේ (29දා) පැවැති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ නායකයන් මුණගැහුණා. අපි තමයි පාර්ලිමේන්තුවේ තිබෙන විශාලම පක්ෂය. අපිට වඩා කාටවත් නෑ. අපි බහුතරයක් හොයා ගන්නවා. අපි 2020 වෙනකම් ආණ්ඩු බලය තියාගන්නවා කියලා අපි තීරණය කළා. අපේ බහුතරය ආරක්ෂා කරන ගමන් අපේ ආණ්ඩුව ඇතුළේ තිබෙන සමගියත් ආරක්ෂා කරනවා කියලා අපි තීරණය කළා.
මෛත්රීපාල සිරිසේන ජනපතිතුමා සමග එකට වැඩ කරනවා කියලා අපි තීරණය කළා. ඡන්දෙන් පස්සේ අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. කිසිම සැකයක් කරගන්න එපා අපේ ආණ්ඩුව ගැන. බලයේ ඉන්නවා. ගමේ ආණ්ඩුවත් එකසත් ජාතික පක්ෂ පෙරමුණට දෙන්න.” යැයි පැවසීය.