මැතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවිය හැකි බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
රටට, ජනතාවට හිතකර ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම සංශෝධනය සිදුකිරීමට නියමිත බවද අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
පක්ෂ දෙකක් එකතු වී යහපාලන ආණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක වන නිසා අදාළ සංශෝධනවලදී කිසිදු පක්ෂයකට ගැටලුවක් ඇති නොවන ආකාරයට මෙය සිදුවිය හැකි බවද පවසා සිටියේය.