තම පක්ෂය ඕනෑම අවස්ථාවකදී මැතිවරණයට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
එහිදී පක්ෂයක් ලෙස තනිව තරග කරනවාද, නොඑසේනම් අන් පක්ෂයක් හා එක්ව තරග කරනවාද යන තීරණය එම අවස්ථාවේ පවතින දේශපාලන තත්ත්වය මත වෙනස් විය හැකි බවද ඒ මහතා සඳහන් කරයි.
කෙසේවුවද වර්තමාන ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට තම පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද හෙතෙම අවධාරණය කරයි.