දෘශ්‍යාබාධිත ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නව ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
එමඟින් ඡන්ද දායකයින්ට තව කෙනෙකුගේ ආධාරයකින් තොරව ස්වාධීන ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙන බවත් අත්හදාබැලීමක් ලෙස එළඹෙන මැතිවරණයේදී බ්‍රේල් ක්‍රමය යටතේ දෘශ්‍යාබාධිතයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මේබව පැවසුයේ අද(29) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදීය.