එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පෙර ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කරන ලෙස පැෆ්රල් සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. ඉන් අනතුරුව මැතිවරණ කොමිසම පොලිස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වැනි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සෘජුවම අදාලවන ආයතන ව්‍යුහයන්ද ස්ථාපිත කරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටියි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන මේ වන විට මසකට ආසන්න කාලයක් ගත වී ඇතත් මේ වන තුරු ව්‍යවස්ථාදායක සභාව පත්කර ගැනීමට කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බවද පැෆ්රල් සංවිධානය පැවසීය.