මහමැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා කවුරුන්ද යන්න නම් නොකළ යුතු යැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මහමැතිවරණයෙන් පසුව පක්ෂ නායකත්වය විසින් නම් කරන පුද්ගලයෙකුට හෝ පාර්ලිමේන්තුවේ බහුතරයෙන් පත්වන පුද්ගලයෙකුට අගමැති ධුරය පිරිනැමිය යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.