ඉතා සාමකාමීව ක්‍රියාත්මක වු මැතිවරණ ව්‍යාපාරය පසුගිය දින කිහිපය තුළ යම් ප්‍රචණ්ඩත්වයකට යොමුවී ඇති බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ දේපළ අලාභ හානි කිරීම් , සැරසිලි කඩා බිඳ දැමීම් මේ අතර ප්රමුඛ තැනක් ගන්නා බවයි. කෙසේ වෙතත් පැවති වෙනත් මැතිවරණයන්ට සාපේක්ෂව දේපළ අලාභ හානි සිදුවීමේ පරිමාව සහ පුද්ගලයින්ට හානි සිදුවීමේ පරිමාව අනුව බැලු කල මෙම මැතිවරණ ව්‍යාපාරය සාමකාමී එකක් ලෙස පිළිගත හැකි බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
මේ අතර මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ පටන් මේ දක්වා කැෆේ සංවිධානය වෙත සිදුවීම් 1399 ක් වාර්තා වී ඇති අතර ඉන් සිදුවීම් 106 ක් ප්රචණ්ඩ ක්‍රියා ලෙස සටහන් වී තිබේ. තවත් සිදුවීම් 1293 ක් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වන බව කැෆේ සංවිධානය පවසයි.