පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ ආරක්ෂක වැඩපිළිවෙල හේතුවෙන් දිවයින පුරා නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මැතිවරණ නීති කඩකිරීම් පිළිබඳව ලැබුණු පැමිණිලි සඳහා වහාම ක්‍රියාත්මක වෙමින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයඩ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණ බවත් පොලිස් දෙපාර්තමේන්තුව කියයි. පශ්චාත් මැතිවරණ සමය සතියක් තුළ ක්‍රියාත්මක බැවින් පෙළපාලි යාම සතියක් යනතුරු තහනම් බව පොලීසිය කියයි.