මැතිවරණ පෙත්සමක් සකස් කිරීමට මේ දිනවල තොරතුරු එකතු කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පැවසීය.
පිටකෝට්ටේ පාගොඩ පාරේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී අද (25දා) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය මහමැතිවරණයදා සිදුවූ අක්රමිකතාවන් ගණනාවක් සම්බන්ධව තමන්ට මේ වනවිට තොරතුරු ලැබී ඇති බවයි.
මැතිවරණයදා රාත්‍රී 7.30ට පමණ මෝටර් රථයකින් පැමිණි කාන්තාවන් මහරගම විවේකාරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ තිබූ ඡන්ද පෙට්ටි රැගෙන ගොස් තිබුණු බවත්, නිලධාරියාගේ මුද්‍රාව නැතැයි සඳහන් කරමින් 70 ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ තිබූ සන්ධානයේ බුලත් කොළයට ප්‍රකාශ කළ ඡන්ද පත්‍රිකා 200කට වැඩි ගණනක් ප්‍රතික්ෂේප කර තිබුණු බවත් ඒ මහතා පැවසීය. එමෙන්ම ඡන්ද පෙට්ටි සීල් කිරීමට ලාකඩ යොදාගෙන නැති බවද ගම්මන්පිල මහතා පවසා සිටියේය.