පළාත් පාලන මැතිවරණය කල් දැමීමට තමන්ට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
සීමා නිර්ණය කිරීමේ ගැටලු හේතුවෙන් අභියාචනා ක්‍රියාවලියකට යෑමට සිදුවූ බවත් එය අවසන් වූ පසු පළාත් පාලන ඡන්දය පවත්වන බවත් අමාත්‍යවරයා අද (29දා) පාර්ලිමේන්තුවේදි පැවැසීය.