මේ මැතිවරණය හරියට එංගලන්තෙ ඡන්දයක් වගේ ගහ ගන්නෙ නෑ මරා ගන්නෙ නෑ, එතනෝල් බෙදන්නෑ, අන්න එතනයි වෙනස යැයි අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා අණමඩුවේ ඊයේ (29දා) සවස පැවති ජනහමුවක් අමතමින් පැවසීය.
"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියනවා එයාට අගමැති වෙන්න ඕනැයි කියලා. එයාගෙ පක්ෂ නායකයා මෛත්රිපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමා කියනවා මම මෙයාව අගමැති කරන්නෙ නෑ. මෙයා පැරදෙනවා කියලා. ඉතිං ඒ කණ්ඩායම වේදිකාවේ ඉදං මෛත්රිපාල සිරිසේන මැතිතුමාට බනිනවා. බනින්නෙ තමන්ගෙ පක්ෂ නායකයට. කියනවා යහ පාලනය නැති කරනවා. මේ දවස් සීය විශාල අපරාධයක් ඉතිං කව්ද දවස් සීයෙ ආණ්ඩුවෙ ප්රධානියා මම නෙවෙයි. මෛත්රිපාල සිරිසේන ජනාධිපතිතුමා"