මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල පැමිණිලි ඒකකවලට හා පොලීසියට අද (04දා) වනවිට මැතිවරණ සම්බන්ධ පැමිණිලි තුන්දහස් තුන්සිය විසිපහක් (3325) ලැබී තිබේ.
පොලීසියට ලැබුණු පැමිණිලිවලට අනුව පොලීසිය විසින් සිදුකරන ලද මෙහෙයුම්වලදී දෙසැම්බර් 09 වැනිදා සිට අද (04දා) දිනය දක්වා කාලය තුළ පුද්ගලයන් හාරසියපස්දෙනෙකු (405) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිසෙන් 43 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානයට පැමිණිලි 410ක් ලැබී බවත්, එම පැමිණිලිවලින් පැමිණිලි 36ක් ලැබී ඇත්තේ අපේක්ෂිකාවන්ට සිදුකළ හිංසා ක්‍රියා පිළිබඳ බවත් එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
මීට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු රුපියල් 5,000 බැගින් ඡන්දදායකයන්ට බෙදාදෙමින් සිටින බවට පැමිණිලි ලැබී තිබෙන බවත්, ජල හා විදුලි සම්බන්ධතා ලබාදෙමින් තමන්ට ඡන්දය ලබාදෙන ලෙස ඡන්දදායකයන්ගෙන් ඡන්ද ආයාචනා කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
තම සංවිධානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 827ක් ලැබී තිබෙන බවද පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මෙම පැමිණිලිවලින් පැමිණිලි 135ක් ලැබී ඇත්තේ බරපතළ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, රාජ්‍ය දේපොළ හා රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට භාවිත කිරීම පිළිබඳ පැමිණිලි 73ක් ලැබී තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය.
තම සංවිධානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ සිද්ධි 463ක් වාර්තාවී තිබෙන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ ජාලය සඳහන් කරයි.
මෙම පැමිණිලිවලින්273ක් නීතිවිරෝධී ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් හා පැමිණිලි 45ක් ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී තිබෙන බවද එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ චමින්ද ගුණසේකර මහතා පවසා සිටියේය.
කැෆේ සංවිධානයට පැමිණිලි 301ක් ලැබී තිබෙන බවත්, එම පැමිණිලිවලින් පැමිණිලි 45ක් ලැබී ඇත්තේ බැණවැදී තර්ජනය කිරීම හා පහරදීම සම්බන්ධයෙන් බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසා සිටියේය.
තම සංවිධානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිල 712ක් ලැබී තිබෙන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පැමිණිලිවලින් පැමිණිලි 231ක් ලැබී ඇත්තේ නීතිවිරෝධී මැතිවරණ ප්රචාරක කටයුතු, රාජ්‍ය දේපොළ, රාජ්‍ය නිලධාරීන් යොදාගැනීම පිළිබඳ බවද එම සංවිධානයේ ජාතික සංවිධායක නීතිඥ රසංග හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.