මහ මැතිවරණ කාලසීමාවේදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පොලීසියට ලබා දුන් සහය පශ්චාත් මැතිවරණ කාලසීමාවේදී ද ලබා දෙන ලෙස පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා රටවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.
පොලිස් මූලස්ථානයේදී අද (08දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2012 වසරේ සිට මේ දක්වා පළාත් සභා මැතිවරණ 09ක් සහ ජනාධිපතිවරණයක් පවත්වා තිබෙන බවත් වඩාත් සාමකාමීම මැතිවරණය පැවැත්වූයේ මෙවර බවත්ය.
මහ මැතිවරණය ප්රකාශයට පත්කළ ජුනි 26 වැනිදා සිට මේ දක්වා පොලිස් මූලස්ථානයට පැමිණිලි 313ක් ලැබුණු බවත්, පුද්ගලයන් 405 දෙනෙකුට නඩු පැවරූ බවත්, ඉලංගකෝන් මහතා කීය. මෙම කාලසීමාවේදී පුද්ගලයන් 899 දෙනෙකු සහ වාහන 251 ක් අත්අඩංගුවට ගත් බවද හෙතෙම සඳහන් කළේය.