මැතිවරණ ප්‍රකාශයට පත්කළ දින සිට අද (16දා) සවස 2.00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 833 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
මෙම පිරිසෙන් 642 ක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලීසිය විසින් සිදුකළ මෙහෙයුම් 278 කට අනුවය.
166 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලීසියට ලැබුණු පැමිණිලි 362 කට අනුවය.
මේ අනුව පසුගිය 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට මෙම කාලය දක්වා පමණක් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.