ඌව පළාත් සභා මැතිවරණයේ මැතිවරණ කාල සීමාව අද (27දා) අවසාන් වූ බවත් මැතිවරණයේ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 83 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
මැතිවරණ කාල සීමාව තුළ පැමිණිලි 98 ක් වාර්තා වූ බවත් සන්ධානය මගින් පැමිණිලි 25, එක්සත් ජාතික පක්ෂය පැමිණිලි 26 ද, ජනතා විමුක්ති පෙරමුණ පැමිණිලි 36, ප්‍රජාත්‍රන්තවාදි පක්ෂය පැමිණිලි 06, අනෙකුත් පක්ෂ මගින් පැමිණිලි 05 ක් ලැබුණ බවත් පොලීසිය කියයි.
දිස්ති‍්‍රක්ක අනුව ගත් කළ මොනරාගල දිස්ති‍්‍රක්කයෙන් පැමිණිලි 56, බදුල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 42 ක් ලැබුණ බවත් පොලීසිය කියයි.