පළාත් පාලන ඡන්ද විමසන කාලය තුළදී කැෆේ සංවිධානය වෙත සිදුවීම් 259ක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ. මෙහිදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 198ක්ද, ප්රචණ්ඩ ක්රියා 61ක්ද වාර්තා වන බව එම සංවිධානය පවසයි.
මහජන දේපොළ හා රාජ්ය දේපොළ යොදාගැනීම්,පත්වීම් හා ස්ථාන මාරුවීම් ලබාදීම් 59ක්ද, නීති විරෝධී ප්රචාරණ සිදුවීම් 116ක්ද, භාණ්ඩ බෙදාදීම් 12ක්ද, දේපොළ හානි කිරීම් 19ක්ද, පහරදීම් හා තර්ජනය කිරීම් 41ක්ද මෙම සිදුවීම් අතර ඇති බව කැෆේ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.