මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව පොලීසියට ලැබුණු පැමිණිලිවලට අනුව අද (21දා) උදේ වනවිට පුද්ගලයන් 238 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 84කට අදාළ පුද්ගලයන් 183 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර අපේක්ෂකයන් 15 දෙනෙකුද සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ලැබුණු පැමිණිලි 191කට අදාළව පුද්ගලයන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර අපේක්ෂකයන් 10 දෙනෙකු සිටින අතර ඒ අනුව මේ දක්වා කාලය තුළදී අපේක්ෂකයන් 25 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ පොලිස් ස්ථාන මගින් අධිකරණවලට ඉදිරිපත් කර තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.