පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හා නිලකාලය අවසන් වන පළාත් සභා තුනේ ඡන්දය පැවැත්වීමට තිබෙන සූදානම පිළිබඳ විමසීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අද (14දා) මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් හමුවන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානය සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර තිබෙන බවට විෂයභාර අමාත්‍යාංශය සඳහන්කරන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
මේ නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් වන ආකාරය පිළිබඳ විමසීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව නිලකාලය අවසන් වන උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභා ඡන්ද කල් දැමීමේ උත්සාහයක් පවතින නිසා එම මැතිවරණය පැවැත්වීම සඳහා තිබෙන සූදානම පිළිබඳව හෝ විමසීමක් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
මැතිවරණ කොමිසමේ සභාපති ලෙස මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කරයි.