ලංකාවේ පවතින ඡන්ද ක්රමය ඉතා සංකීර්ණ බවත්, එසේ වුවද ජනතාව ඉතා බුද්ධිමත්ව එම ඡන්ද ක්රමය යටතේ ඡන්දය පාවිච්චි කරන බවත් උපායමාර්ගික ආයතනයේ ප්රධානී අශෝක අභයගුණවර්ධන මහතා පැවසීය.
එසේ වුවද 20 වැනි සංශෝධනය මගින් ඉදිරියේදී හඳුන්වාදෙන මැතිවරණ ක්රමය ඉතා සරල එකක් වන බවත්, ඒ හරහා ජනතාවට ඉතා පහසුවෙන් මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව උදාවන බවත් හෙතෙම පැවසීය. අද (12දා) පදනම් ආයතනයේ පැවැති දේශනයකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.