පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා අපේක්ෂකයන් 57252ක් තරග කළ අතර, මෙවර මැතිවරණයේදී අනෙකුත් මැතිවරණ හා සංසන්දනය කිරීමේදී ඉතාමත් සාමකාමී ආකාරයට මැතිවරණ ප්රචාරක කටයුතු සිදුවන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
යම් යම් සිදුවීම වාර්තාවෙමින් තිබෙන බවත්, එහෙත් මෙවර මැතිවරණයේදී රාජ්‍ය බලය හා දේපොළ අවභාවිතා කිරීම ඉතාමත් අඩු බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මැතිවරණය සාමකාමීව පැවැත්වෙමින් තිබියදී සමහර දේශපාලනඥයන් ඡන්දයේ වටිනාකම හෑල්ලු කිරීම සඳහා ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම සිදු කරමින් තිබෙන බවත්, මෙම ක්‍රියාව අනුමත නොකරන බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙවර මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයන් 6000ක් යෙදවීමට කටයුතු කරන බවත්, මීට අමතරව ජංගම රථ 350ක් යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.