පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ පක්ෂයේ ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව ලැබූ වැඩිම මනාප ප්‍රතිශතය මෙවර ඌව පළාත් සභාව වෙනුවෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා වාර්තා කර ඇත.
ඒ අනුව, හරීන් ප්‍රනාන්දු මහතා 88% ක ඡන්ද ප්‍රතිශතයත් ලබාගෙන තිබේ.
මීට පෙර පැවති පළාත් සභා මැතිවරණයේදී, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් මහ ඇමති අපේක්ෂකයා වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙම වැඩිම මනාප ප්‍රතිශතයට හිමිකම් කී අතර, ඔහු ලබාගෙන තිබුනේ 85.5% ක ප්රතිශතයකි.