මැතිඇමතිවරුන්ගේ නම් භාවිත කරමින් දුරකථනය හරහාවාහන අලෙවිකරන ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගන්නා බවට සැකපිට 20 හැවිරිදි තරුණයෙකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගලේවෙල මොරගොල්ල ප්‍ර‘දේශයේ පදිංචි කොන්ත්‍රාත් ව්‍යාපාරිකයෙකුගේ පුතෙකි. දඹුල්ල, මාතලේ, කොළඹ, අම්පාර ආදී ප්‍ර‘දේශවල වාහන අලෙවිකරන ව්‍යාපාරිකයන් වෙත මරණ තර්ජන එල්ලකර කෙටි පණිවුඩ ජංගම දුරකථනවලට යවා මුදල් ලබාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
දඹුල්ල ප්‍ර‘දේශයේ වාහන අලෙවි කරන හිමිකරුවෙකුගෙන් ලක්ෂ 30 ක කප්පම් මුදලක් ඉල්ලා ලැබුණු කෙටි පණිවුඩයක් පිළිබඳව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාට දැනුම්දීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මාසයක පමණ කාලයක සිට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ජාවාරම්කරු සමග රහසිගතව සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් බැංකුවට මුදල් ලබාදුන් බවට ජාවාරම්කරුට හඟවා මුදල් ලබාගැනීමට පැමිණෙද්දී සැකකරු කොටුකරගෙන තිබේ. තවදුරටත් සැකකාර පුද්ගලයා කප්පම් මුදල් ලබාගෙන ඇත්දැයි යන්න පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.