මැණික් පතල් සේවකයන්හට වරප්‍රසාද නොව සේවක අයිතීන් පවා නොලැබෙන බවද අවම වශයෙන් සේවක අයිතීන්වත් ලබාගැනීමට මැණික් පතල් සේවකයන්ගේ ජාතික සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවා ගත් බවද එහි ලේකම් ස්වර්ණ මල්ලිකාරච්චි මහතා පැවසීය.
පතල් සේවකයන්ගේ සමාජ සුබසාධනය, තාක්ෂණික දැනුම ලබාගැනීම, සේවයේ සුරක්ෂතභාවය වෙනුවෙන් ඉදිරියට තම සංවිධානය කටයුතු කරන බව අද දින පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.