මැතිවරණ රාජකාරී සදහා සහභාගී නොවී සේවය මග හරින රාජ්ය නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට මැතිවරණ කොමසාරිස් කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා කර ඇති ප්රකාශය තරයේ හෙළා දකින බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩි වශයෙන් මැතිවරණ රාජකාරි කටයුතුවලින් බැහැරව මගහරින අතර, ඊට ප්රධාන හේතුව වන්නේ තමන්ගේ තනතුරට අදාල රාජකාරිය ලබා නොදීම බව ලංකා ගුරු සංගමය පවසයි.
ලංකා ගුරු සංගමය මේ පිළිබද ඊයේ (11දා) මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දීමක් කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතා පැවසීය.