හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ පංති කාමර කිහිපයක මැක්කන් විශේෂයක් බෝවීම නිසා අද (28දා) සිට දින දෙකක් එම පංති කාමර වසා දමා ළමුන්ට නිවාඩු ලබාදීමට පියවර ගත් බව හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්. ශ්‍රී රදන් මහතා පැවසීය.
එම මැක්කන් විනාශ කිරීම සඳහා හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ වෙත දැනුම්දී ඇති බවත් මැක්කන් විනාශ කිරීමට කෘමි නාශක දියරයක් එම පංති කාමරවල ඉසීමට ඇති නිසා මෙම පියවර ගත් බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
මීට ප්‍රථමද අවස්ථා කිහිපයකදී මෙම පංති කාමරවලට මැක්කන් බෝවීම නිසා එම පංති කාමර තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණි. එම පංති කාමරවලට යාබදව ඌරන් ඇති කිරීමේ ගොවිපළක් පවත්වාගෙන යන අතර එම ගොවිපළ හරහා මෙම මැක්කන් විශේෂය බෝවන්නට ඇති බවයි සෞඛ්‍ය අංශ සැක පළ කරයි.