එක් පුද්ගලයෙකුගේ මාසික ආදායම රැපියල් 30000 ක් වන අතර එයින් මසකට රජයට ගෙවන බදු මුදල රැපියල් 11000 කට ආසන්න බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.
ජාතික ආහාර මණ්ඩලයේ උත්සවයක් වෙනුවෙන් උදෑසන ආහාර වේලක් සඳහා රැපියල් ලකෂ 15ක් වැය කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව සඳහන් කරයි.
එම උත්සවය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද සහභාගිවී ඇත. එම උත්සවය සදහා සහභාගීවූ පිරිස පන්දහසක් ලෙස ජාතික ආහාර ප්රවර්ධන මණ්ඩලය සදහන් කර ඇතත් එපමණ ප්රමාණයක් සහභාගීවූවාද යන්න පවා සැක සහිත බව එම සංවිධානය සඳහන් කරයි.
පන්දහසක් එක්වූයේ නම් එක් පුදගලයෙකුට වැය කර ඇති මුදල රැපියල් 300 ක් බවත් වසවිස නැති දේශීය ආහාර වේලක් එවැනි මිලක් ගන්නේ කෙසේද යන්නත් ඔවුන් ප්රශන් කරයි.
ජාතික ආහාර ප්රවර්ධන මණ්ඩලයේ වියදම් පිළිබදව වහාම විගණනාධිපතිවරයාගේ වාර්තාවක් කැදවන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු පවසති.