ඇමෙරිකාවේ ප්රමුඛ පෙළේ චොක්ලට් නිශ්පාදන සමාගමක් වන මාස් සමාගම රටවල් 55කට අපනයනය කර තිබූ මාස් හා චොකලට් තොගයක් නැවත කැඳවිමට සමාගම තීරණය කර තිබෙන බව වාර්තාවෙනවා.
ඒ එම සමාගමට අයත් නෙදර්ලන්ත නිශ්පාදනාගාරයක නිපදවූ චොකලට් වල ප්ලාස්ටික් කැබලි අඩංගු බවට තොරතුරු වාර්තාවීමත් සමගයි.
මාස් සමාගම විසින් සිය නිශ්පාදන ආපසු කැඳවූ රටවල් අතර ශ්රී ලංකාවද තිබෙන බව වාර්තාවෙනවා.
මාස්, ස්නිකර්ස් හා මිල්කි වේ යන චොකලට් ඇතුළු නිශ්පාදන රාශියක් නිපදවන මාස් සමාගම ලොව ප්රමුඛ පෙළේ ආහාර නිශ්පාදන සමාගමකි.