මේ වසරේ ගෙවීගිය මාසයක කාලය තුළ පුද්ගලයන් ලක්ෂයක් එච්.අයි.වී. පරීක්ෂාව සිදුකරගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
මෙම ලේ පරීක්ෂා කිරීම්වලට අනුව එච්.අයි.වී. අසාදිතයන් 25 දෙනෙකු සොයාගෙන තිබෙන බවද එම ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.
2025 වසරේදී ලංකාවෙන් එච්.අයි.වී. තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක පස් අවුරුදු වැඩපිළිවෙළ ආරම්භ කළ බවත්, මේ අනුව එච්.අයි.වී. ලේ පරීක්ෂා කිරීමේ පහසුකම් මූලික රෝහල්වලට හඳුන්වා දීම ආරම්භ කළ බවත් ඔහු පවසා සිටියේය.
මේ අනුව හෝමාගම,ඇඹිලිපිටිය සහඅවිස්සාවේල්ල රෝහල්වලට මෙම පහසුකම් හඳුන්වා දී තිබෙන බවත්,ඉදිරි දිනවල මහියංගණය රෝහලට මෙම පහසුකම ලබාදෙන බවත් කී ඒ මහතා, පොදුවේ මෙම වසර තුළ සෑම දිස්ත්‍රික්කයකම එක් මූලික රෝහලකට මෙම පහසුකම් හඳුන්වා දෙන බවද සඳහන් කළේය.
මහ රෝහල් තුළ මෙම පරීක්ෂා කිරීම්සාමාන්ය ලෙස සිදුවන බවත්, මීට අමතරව පෞද්ගලික අංශයේ රෝහල් තුළද මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.