මෙම මාසය පුරාම අකුණු සහිත වැසි ඇති විය හැකි බවත්, මේ නිසා අකුණු අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
අකුණු ඇතිවන අවස්ථාවලදී තැනිතලා භූමිවල හා උස ගස් යට රැඳී නොසිටින ලෙසද එම දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේය.
මීට අමතරව තේ වතුවල වැඩ කිරීම, කුඹුරු වැඩ කිරීම හා ලෝහ ද්‍රව්‍ය භාවිත කිරීම හරහාද අනතුරු ඇති විය හැකි බවද හෙතෙම පවසා සිටියේය.