මීරියබැද්ද වැසියන්ගේ නිවාස ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි සතියේදී රැස්වන කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා පැවසීය.
මීරියබැද්ද නායයැමෙන් පසු වැසියන්ගේ නිවාස බවට පත්ව ඇත්තේ දැනය ඔවුන් රැදී සිටින පූනාගල - මාකන්ද පැරණි තේ කර්මාන්ත ශාලාවයි. පවුල් 92කට අයත් පුද්ගලයින් 300කට ආසන්න ප්‍රමාණයක් ලෑලි වලින් වෙන්වූ කුඩා කාමරවල මෙහි ජීවත්වේ.
කෙසේවෙතත් ඉදිරි මාස හතර ඇතුලත නිවාස ප්‍රශ්නයට විසදුම් ලබාදෙන බව අමාත්‍යවරයා පැවසුයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.