ජනවාරි හා පෙබරවාරි මාසයේ කෙළඹ නගරයේ සිදුවු විරෝධතාවලින් වැඩකරන දින විස්සක පමණ කාලයක් ආර්ථිකයට අහිමි වී ඇති බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹදී පැවැති උත්සවයකදී අද (05දා) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
“ජනවාරි පෙබරවාරි මාසවල දින විස්සක් කොළඹ නගරයේ විරෝධතා නිසා නාස්ති වෙලා තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය මාර්ග තදබදය ඇති කිරීම. ඒ නිසා බොහෝවිට මෙම විරෝධතා ආරම්භ වෙන්නේ සවස 4 ට එවිට මුළුමනින්ම අපේ මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා මහා ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ නිසා මෙරටට පැමිණෙන ආයෝජකයින් පවා අද හැරිලා යන තත්වයක් ඇතිවෙලා තිබෙනවා.”