කොළඹ නගර සභා බල ප්‍රදේශය ඇතුළු දිස්ත්‍රික්ක 10 ක පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 10 ක ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම මේ වසරේ ගත වු මාස තුන ඇතුළත ඩෙංගු රෝගීන් 5000 ක් වාර්තා වී තිබෙන බවත්, එයින් 10දෙනෙකු මරණයට පත්ව ඇති බවත් වාර්තා වේ. පසුගිය වසරේ මුල් මාස දෙක හා සැසඳීමේදී මේ වසරේ මුල් මාස 2 ක තුළ ඩෙංගු රෝගීන් 25%ක වැඩිවීමක් තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.