නීතිවිරෝධි ලෙස විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීම, වංචනිකව මුදල් අයකිරීම හා කාර්යාංශ පනතට එරෙහිව කටයුතු කළ රැකියා ඒජන්සි ආයතන හා පුද්ගලයින්ගෙන් පසුගිය ජනවාරි මස සිට සැප්තැම්බර් දක්වා වූ මාස 9 තුළදී රුපියල් මිලියන 20ක් අයකර ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත්වී තිබේ.
කාර්යාංශය මගින් නඩු පැවරීමෙන් හා කාර්යාංශය මගින් නීතිමය කටයුතු කිරීම මගින් මෙලෙස මුදල් අයකර ගැනීමට හැකිවී ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. මෙම වංචනික කි‍්‍රයාවන්ට හසුවී අසාධාරණයට ලක්වූ ශ්‍රමිකයින්ට රුපියල් මිලියන 12ක්ද, දඩ ලෙස රජයට රුපියල් ලක්ෂ 40ක් හා කාර්යාංශයේ විදේශ ශ්‍රමික අරමුදලට තවත් රුපියල් ලක්ෂ 30ක් පමණ අය කරගැනීමට මෙමගින් සමත් වූ බව අමාත්‍යවරිය ප්‍රකාශකළාය.