මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි මස 31 වැනිදා දක්වා වූ කාලය තුළ මාරක රිය අනතුරු 1104ක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයන් 1161 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.
එහි වාර්තා පෙන්වා දෙන පරිදි මියගිය පුද්ගලයන්ගෙන් 349 දෙනෙකු පදිකයන් වන අතර, රියදුරන් 98 දෙනෙකු, මගීන් 163 දෙනෙකු, පාපැදිකරුවන් 109 දෙනෙකු හා වෙනත් එක් පුද්ගලයෙකුද ඇතුළත් වේ.
මෙහිදී යතුරු පැදිකරුවන් 441 දෙනෙකු මියගොස් තිබේ. ඉන් 23 දෙනෙකු ආරක්ෂිත හිස්වැසුම් පැලඳ නොසිටීම හේතුවෙන් මියගොස් ඇති අතර, දෙදෙනෙකු ආරක්ෂිත හිස්වැසුම විසිවීම හේතුවෙන් මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කර සිටින්නේ දිවයිනේ වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුළින් වාර්තා වන බවයි. දිනපතා මාර්ගයට එක්වන වාහන ප්‍රමාණය වැඩිවීම හා අධික වේගය මීට බලපාන ප්‍රධාන සාධක ලෙසද එම ආයතනය පෙන්වා දෙයි.