මේ වසරේ පළමු මාස හතරක කාලය තුළ ඩෙංගු රෝගීන් 16,404ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ප්‍රමාණය 2,531කි.
පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ලෙස වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ මහනගර සීමාවෙන් වන අතර, එම ප්‍රමාණය රෝගීන් 690කි.
මේ වසරේ ජනවාරි මාසයේදී වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 7,178කි. පෙබරවාරි මාසයේදී වාර්තා වූ රෝගීන්ගේ ප්‍රමාණය 4,390ක් වන අතර, මාර්තු මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 3,282කි. අප්‍රේල් මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 1,554කි. මේ වසරේ අප්‍රේල් මාසයේ සිට 2016 වසර දක්වා කාලය තුළ අඩුම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේද පසුගිය අප්‍රේල් මාසයේදීය.