මෙම වසරේ පළමු කාර්තුව තුළදී ලංකාව පුරා විවිධ ප්‍රදේශවලින් එච්.අයි.වී ආසාදිතයන් 70ක් වාර්තාවී ඇතැයි ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසීය.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම එච්.අයි.වී. ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවී ඇති අතර, පිළිවෙළින් ගම්පහ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත්, මෙම රෝගීන්ගෙන් 30%ක් පිරිමි සමලිංගිකයන් බවද වෛද්‍යවරයා සඳහන් කරයි.
චන්දන සමරවික්‍රම/සඳමාලි වික්‍රමආරච්චි