අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට 2015 වසරේදී පමණක් පැමිණිලි 3200ක් ලැබී ඇතැයි එම කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් ඩිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළාය.
ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (28දා) දිනය දක්වා ලැබී ඇති එම පැමිණිලි ප්‍රමාණයෙන් 1200 කට වැඩි ප්‍රමාණයක් විසඳා තිබෙන බවත්, තම කොමිසමට ලැබෙන සෑම පැමිණිල්ලක්ම තමා පෞද්ගලිකව කියවා බලන බවත් ඇය පැවසීය.
අල්ලස හා දූෂණය තුරන් කිරීම කොමිසමට පමණක් කළ නොහැකි බවත්, ඒ සඳහා ජනතාවගේද සහය අවශ්‍ය බවත් ඒ මහත්මිය පැවසුෙව්ය. අල්ලස් කොමිසමට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට නිලධාරීන්ගේ හිඟයක් පවතින බවත්, මේ පිළිබඳ අදාළ අංශ සහ අලුතින් පත්කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මේ පිළිබඳ දැන්වූ බවත් වික්‍රමසිංහ මහත්මිය පැවසීය.
ඒ අනුව තම විමර්ශන අංශයට පොලිස් නිලධාරීන් 50 දෙනෙකු බඳවාගැනීමට ඊයේ අවසර ලබාදුන් බවද අධ්යක්ෂ ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.