ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශවල ජල මට්ටම මේ වනවිට පිටාර මට්ටමට ඉතා ආසන්නව පවතී.
මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර ජලාශ පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට මසකට වැඩි කාලයක් තිස්සේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබේ.
ඒ අනුව අද (06දා) පෙරවරු 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට, පිළිවෙලින් අඩි 03 යි අඟල් 06 ක් හා අඩි 01 යි අඟල් 09 ක් ලෙස පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසා සිටියහ.