තමාව හැසිරවිය හැක්කේ ජනතාවට පමණක් බවත්, වෙනත් කිසිවෙකුටත් තමාව හැසිරවිය නොහැකි බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මැයි රැළියට කොළඹ හයිඩ් පාක් පිටියේදී එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම මේ වසරෙන් පසුව ශ්‍රි ලංකාවේ මානව හිමිකම්, මුලික අයිතිවාසිකම්, නිදහස හා ප්රජාතන්ත්රවාදය පිළිබඳව ලෝකයේ වෙනත් රටක කතා නොකිරිමට අවශ්‍ය වටපිටාව මෙන්ම ඒ සඳහා ලෝකයේ වෙනත් රටකට ඇඟිලි ගැසිමට ඉඩ නොදෙන තත්ත්වයටත් රට පත්කරන බව ඔහු කිවේය.
රටේ එකිය භාවය ආරක්ෂා කරන බවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තමා කැමතිම ඡේදය ජනපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතුය යන්නෙන් වු ඡේදය බවත් ජනපතිවරයා පැවැසිය.
නිදහස් පක්ෂ මැයි රැළීය සඳහා හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග, හිටපු අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ටයින් එක්විය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැයි දින පණිවුඩය නිදහස් පක්ෂ මහ ලේකම් සුසිල් ප්‍රේමජයනත් මහතා විසින් කියවිය.